conversations listlengths 2 2 |
|---|
[
{
"from": "human",
"value": "උඩ හනුවේ ඉදිරි දත් දෙක අතර 3mm පමණ හිඩැසක් සහ මදක් ඉදිරියට නෙරා ඒමක් නිසා මම 4 වතාවක් plates සහ braces භාවිතා කළා. හිඩැස අඩකින් පමණ අඩු වුන අතර ඉතිරිය සකසා ගැනීමට 5 වන වරටත් දැන් braces භාවිත කරනවා. මේ සදහා ලබා ගත් x ray එකකදී ඉදිරි දත් දෙකේ මැද ස්නායුව කොහෙත්ම නොපෙනුන අතර අනිත්... |
[
{
"from": "human",
"value": "ආයුබෝවන් ඩොක්ටර් !..දත් සුද්ද නොකර බුලත් කහට යවන්න පුලුවන් බෙහෙත් එක්ක තියෙනවද ?"
},
{
"from": "gpt",
"value": "බුලත් කහට යවන්න සුදුසුම දේ දත් සුද්ද කරන එකයි"
}
] |
[
{
"from": "human",
"value": "ස්නායු පිරවීමක් කරපු දතක් දැන් හොදටම කහ පාට වෙලා. එහෙම වෙන්නේ ඇයි? මේකට තියෙන ප්‍රතිකාර මොනවද?"
},
{
"from": "gpt",
"value": "පුලුවන් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තියෙනවා.\nBleaching ක්‍රමය මගින් දත ඇතුලට රසායනික ද්‍රව්‍යයක් දාලා සුදු කරගන්න පුළුවන්.\nVeneering ක්‍රමය මඟ... |
[
{
"from": "human",
"value": "ඩොක්ට මගෙ හක්කෙ කොනේම තියෙන දත ගැලෙව්ව දවස් දෙකක් වෙනව..උන අරගන්න එක සාමන්‍ය දෙයක්ද බෙහෙත් බොනකම් හොදයි අයේ උන ගන්නව යන්තම් වගෙ ඔලුව කැකුමත් එක්කම එක ටික දවසක් ගියාම අඩු වෙනවද.. මන් බයටම තාම මුකුත් කෑවෙ නෑ එ කුහරේ ඇතුලට යාවි කියල බයට.එ තුවාලේ තියෙනකම් ලේ රහ වගෙ දැනෙනවද ඩොක්ට"
... |
[
{
"from": "human",
"value": "අවුරුදු 3ට කලින් පුරවපු දතක් නැවත පුරවන්න පුළුවන් ද දැන් කැක්කුමයි"
},
{
"from": "gpt",
"value": "තද කැක්කුමක් එනවනං ස්නායු පිරවීමක් කරන්න වේවි"
}
] |
[
{
"from": "human",
"value": "ස්නායු පුරවපු දතකට යටින් ගෙඩියක් වගේ අහු වෙනවා (එක පැත්තක හක්කෙ), මේකට හේතුව මොකක්ද ඩොක්ටර්, දිගටම මෙහෙම තිබුනොත් ප්‍රශ්නයක් වෙයිද ?"
},
{
"from": "gpt",
"value": "පරීක්ෂාවකින් තොරව මෙයට පිළිතුරක් දීම අපහසුයි.දන්ත වෛද්‍යවරයෙක් ට පෙන්නන්න වෙයි"
}
] |
[
{
"from": "human",
"value": "Doctor මම දැන් මාස 8 ගැබිනියක් .දැන් මාස දෙකකට විතර කලින් මම දතක් පිරෙව්වා ..දෙපාරක්ම පිරෙව්වාත් එය නැවතත් ගැලවී ගියා.පසුව මම වෙනත් ස්ථානයකින් පිරවුම කලා..දැන් දත නැවතත් රිදෙනවා..ඒකට හේතුව දැන ගන්න පුලුවනිද."
},
{
"from": "gpt",
"value": "තද කැක්කුමක් එනවා නම් ස්නායු... |
[
{
"from": "human",
"value": "ඩොක්ටර් මට වයස 25 උඩූ ඇන්දෙ එක දතක් හොදටම ඉස්සරහට ඇවිත් තිබිලා නොමල් කම්බියක් දැම්මා ඒ කම්බිය සැරෙන් සැරෙට කැඩුනා ඒ හින්ද අර දත ගලවලා මං දතක් දැම්මා.ඒ දත තල්ලක් එක්ක තියෙන්නෙ.දැන් ආයෙත් මගෙ දත් ඔක්කොම ඉස්සරහට ඇවිත් .ඉස්සරහා ඉස්තිර දතක් නැති නිසා කම්බි දාන්නෙ කොහොමද ඉස්තිර දතක් ද... |
[
{
"from": "human",
"value": "Zerconia bridge එකක් දැම්මම එකේ පෙනුම ඇත්ත දත් එක්ක හොයන්න පුලුවන්ද?"
},
{
"from": "gpt",
"value": "Colour match කරලා දැම්මොත් එහෙම හොයාගන්න ගොඩක් අපහසුයි කෘතිම දත් ද කියලා"
}
] |
[
{
"from": "human",
"value": "Dr.Lichen planus රෝගය සුව කර නොහැකි රෝගයක්ද?"
},
{
"from": "gpt",
"value": "Oral lichen planus සම්පූර්ණයෙන්ම සුව කරන්න බැහැ. ප්‍රතිකාර එකක් අඩුවෙලා යනවා , නමුත් කාලයක් ගිහිල්ලා ආපහු මතුවෙනවා. එක රෝගයේ හැටි. නමුත් වඩාත් වැදගත් වෙන්නේ නිසි කාලයට clinic යන එක. 100% සුව ... |
[
{
"from": "human",
"value": "ඩොක්ට මගෙ පුතාට අවුරුදු 12 සම්පූර්ණ උනා .ඒත් තාම එයාගෙ ඉස්සරහ උඩු ඇන්දෙ ලොකු දත සහ ඒ ලගම තියෙන අනිත් දත වැටිල නෑ.මේක සාමන්‍ය තත්ත්වයක්ද?"
},
{
"from": "gpt",
"value": "ක්රුන්තක කිරී දත් අවුරුදු 6දී වැටිලා ආපහු කෘන්තක ස්ථිර දත් එනවා. . අවුරුදු 12ක් වෙලා ඇවිල්ල නම් ගැට... |
[
{
"from": "human",
"value": "මගේ පුතාට වයස අවු.8ක්.හවස ඉදන්ම අඩනවා දත් කැක්කුම කියලා.ඇහැ ලගත් ටිකක් ඉදිමිලා.අනේ කියන්න බෙහෙත් තියෙනවා ද"
},
{
"from": "gpt",
"value": "ඉකමණින්.දන්ත වෛද්‍යවරයකුට පෙන්නන්න.ප්‍රතිජීවක ඖෂධ ගන්න අවශ්‍ය වෙයි.නැත්නම් ඉදිමුම වැඩි වෙන්න පුළුවන්.අත් බෙහෙත් කර කර ඉන්න එපා."
... |
[
{
"from": "human",
"value": "මගේ දුව අවුරුදු 4යි.මහපට ඇඟිල්ල තල්ල පැත්තට දාලා ඇගිලි උරනවා.ඒ නිසා දත් ඉස්සරහට ඇවිත් කියලා හිතෙනවා.ස්ථිර දත් ආවත් ගොඩක් ඉස්සරහට එයිද..මොකද්ද කරන්න පුලුවන්"
},
{
"from": "gpt",
"value": "ඇඟිල්ල උරණ එක නවත්තන්න . ස්ථිර දත් වලට විතරක් නෙමෙයි හකු අස්ථි වල වර්ධනයටත් බලපා... |
[
{
"from": "human",
"value": "මම දවස් 4කට කලින් හක්කෙ දතක් ගැලෙව්වා. දතේ කෑල්ලක් විතරයි තිබ්බෙ. ඒක ගලවද්දි දෙපත්තෙ විදුරු මහත් එක්කම තමා ගලවලා තියෙන්නෙ. වලක් වගෙ නෙවෙ දෙපැත්තෙ විදුරුමහත් එනවා. ගොඩක් දුරට විදුරු මහ ඇවිල්ලා තියෙන්නෙ. නමුත් තුවල දෙකක් විතර තියෙනව අයියෙන් එවා රිදෙනවා පොඩ්ඩක් ඒක සාමාන්‍යයිද ? \n... |
[
{
"from": "human",
"value": "මගෙ හකු පටුයි. කට අරින්න බෑ සාමාන්‍ය කෙනෙක් වගේ. පොඩ්ඩක් කුඩයි.\nදතක් ගලවන්න ගියා. උඩ ඇන්ද කෙලවරම.\nදත හරියට ගැලවුන්නෑ කිව්වා. දත පේන්නෑලු කට පොඩි නිසා.\nඒ උනාට මට පේන මට්ටමෙන් දැන් දත පේන්න නෑ . මුල කොටස ඇති සමහර විට.\nඅද ගැලෙව්වෙ .\nඒක අයින් කරන්න මාස 3,4කින් එන්න කිව්වා.\nඒක ... |
[
{
"from": "human",
"value": "ඩොක්ටර් මගේ දතක් ලගදි ස්නයු පිරවුමක් සිදු කලා රජයේ රෝහලකින්..පලවෙනි දවසේ ඒක කරපු ඩොක්ටර් කිව්වා දවස් තුනක් විතර එන්න වෙයි මේක කරන්න කියලා..ඊට පස්සේ ඩොක්ටර් කිව්වා විදියට දෙවෙනි දවසේත් ගියා..එදා හිටියේ වෙන ඩොක්ටර් කෙනෙක්..ඒ ඩොක්ටර් එදා ඉවර කරලා කිව්වා ආයේ ඒන්න ඕනි නැ කියලා..සාමාන... |
[
{
"from": "human",
"value": "පණුවො කාපු දත් තියාගෙන ඉන්න හොද නැද්ද ? ගලවන්නම ඕනිද ?"
},
{
"from": "gpt",
"value": "සාමාන්‍ය විදිහට පුරවන්න පුළුවන් දත් සාමාන්‍ය විදිහට පුරවන්න පුළුවන්. එහෙම බැරිනම් ස්නායු පිරවුමක් කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් විතරයි ගලවන්න ඕනේ.\nදිරපු දත් කටයුතු දාගෙන ඉන්න එක ග... |
[
{
"from": "human",
"value": "වෛද්‍ය තුමනි,මාගේ පුතාගේ වයස අවුරුදු 6 යි.පුතාගේ කටේ යට ඇන්දේ කෘන්තක කිරි දත් 2 තවම හෙලවෙනෙවත් නෑ.ඊට ඇතුලෙන් ස්ථිර දත් 2 ඇවිල්ලා.\nමේ නිසා පුතාගේ කිරි දත් දෙක ගැලවිය යුතුද? \nකිරි දත් තියෙන නිසා ස්ථිර දත් ඇද වෙලා එනවාද?\nඒ කිරි දත් 2 ඉබේම හැලුනාම ස්ථිර දත් කාලයත් සමග ඇද බව නැත... |
[
{
"from": "human",
"value": "ඩොක්ටර් මගේ වයස අවු 22.. උඩු ඇන්දෙ දත් ගොඩක් ඉස්සරහට ඇවිත්.. අද දත්වලට ප්ලේට් එක දාන්න බලන්න ගියාම කිව්වා කිව්වා නිකට පිටිපස්සට ටිකක් වැඩි කියලා නිකට ඉස්සරහට ගන්න ප්ලාස්ටික් කොටසක් පෙන්නලා ඒක දාන් මාස 6ක් ඉන්න ඕනී කියලා.. ඊට පස්සෙ දත් වලට ප්ලේට් එක දාන්න කියලා . මේ ක්‍රමය සාර්ථක... |
[
{
"from": "human",
"value": "Doctor , මගෙ උඩ හක්කෙ රදනක දතට එහා පැත්තෙ දතෙ මැලියම් බැදිලා ඝණ වෙලා තියෙන්නෙ .පෙරේදා අයිස් එකක් කාපු වෙලාවෙ ඉදලා එ දතයි ඊට ලග දතයි ගොඩක් කැක්කුමයි.එ දතෙ දිව වැදුනත් රිදෙනවා ඒකට ප්‍රතිකාරයක් නැද්ද"
},
{
"from": "gpt",
"value": "හරියටම ප්‍රතිකාරයක් කියන්න නං පරීක්ෂා ක... |
[
{
"from": "human",
"value": "මගේ ඉස්සරහ දතක් ස්නායු පිරවීමක් කරා අවුරුදු පහකට කලින් ඒක සැරෙන් සැරේට ලාවට කැක්කුමක් ගන්නවා ඒ වෙලාවට ඇල්කොහොල් ටිකකින් කට සෙදුවම ටිකදවසක් රිදෙන්නෙ නැ දත ටිකක් පුපුරලා තියෙන්නෙ ගලවන්නත් බැ ඉස්සරහ හින්දා"
},
{
"from": "gpt",
"value": "සුදුසුම දේ තමයි දතෙහි එක්ස්ර... |
[
{
"from": "human",
"value": "මම දැන් සති 21 ක් වන ගැබිනි මවකි මට ටික දිනක සිට මගේ කටේ වම් දත් පේලිය උඩ යට දෙකම හිරි වැටෙනවා මේකට විසදුමක් තියෙනවාද ඇයි එහෙම වෙන්නේ ?"
},
{
"from": "gpt",
"value": "හිරි වැටෙන්න හේතුව සොයලා ප්‍රතිකාර කළ යුතුයි..දත් වල සිදුරු පැවතීම,දත් මුල් දියවීම,දත් මැදීමේ වැරදි ... |
[
{
"from": "human",
"value": "UV treatment teeth whitening වලට හොදයිද? අතුරු ආබාධ තියෙනවාද ? කරපු අය experience කොහොමද ?"
},
{
"from": "gpt",
"value": "බොහෝම කලාතුරකින් දත් අජීවී තත්ත්වයට පත්වෙන්න පුළුවන්, ඒ වගේම තමයි දත් වල මුල ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්( root resorption)"
}
] |
[
{
"from": "human",
"value": "නරක් උන දතක් තියාගෙන ඉන්න එකේ මුඛ පිළිකා අවදානමක් තියෙනවා ද??\nඒ පැත්තෙන් කෑමවත් කන්නෑ කුහරයක් වෙලා කෑම වැදුනම කැක්කුමයි. "
},
{
"from": "gpt",
"value": "මුඛ පිළිකා අවදානම නැති තරම්. නමුත් හකු අස්ථිය ඇතුළෙ විශේෂ ගෙඩි වර්ග යන්න පුළුවන්. පැසවලා මූණ ඉදිමෙන්න පුළුවන්. ඉක... |
[
{
"from": "human",
"value": "ඩොක්ටර්, මගේ wisdom teeth එකක් remove කරා දවස් 10කට වගේ කලින්.දැන් එතන පොඩියට උල් කෑල්ලක් වගේ අහු වෙනවානේ.ඇගිල්ල ගෑව්වොත් හීරෙන වගේ.(දතේ කෑලි ඇතුලේ ඉතුරු උනේ නෑ කියලා මටත් පෙන්නුවා) අස්ථියේ කෑල්ලක් වගේ වෙන්න පුලුවන්ද? එහෙම උනොත් මොකක්ද කරන්න ඕනේ කියලා කියන්න පුලුවන්ද ?"
},
{... |
[
{
"from": "human",
"value": "බබාගෙ වයස අව්රුදු 6 යි නිකන්ම දත වැටුනේ. දිනය ජුලි 27 තවම දත පොඩ්ඩක්වත් නෑ. සාමාන්‍යයෙන් දරුවෙක්ගේ දතක් වැටිලා එන්න කොපමන කාලයක් ගතවෙනවද ?"
},
{
"from": "gpt",
"value": "තාම මාස දෙකක් විතර නිසා ගැටලුවක් නැහැ. තව ටිකක් බලන්න පුළුවන්. දරුවාගේ දත වැටුණු තැන විදුරුමහ පො... |
[
{
"from": "human",
"value": "මං දතක් ස්තීර පිරවුමක් කරා.. දැනට දවස් 5කට කලින්. ඒක කාලයක් තිස්සෙ රිදුනු දතක් වේදනා නාශක බිබී හිටියේ. ඒත් දැන් පිරෙව්වමත් ඊටත් වඩා ගොඩාක් රිදෙනවනේ.. ඒක සාමාන්‍ය දෙයක්ද ඩොක්ට. ඒ වේදානාව අඩු වෙයිද..මට හොස්පිට්ල් එකෙන් දිපු බෙහෙත් වලටත් ඒ වේදනාව අඩු වෙන්නෙ නෑ.. මේකට මං මොකද කරන්නේ... |
[
{
"from": "human",
"value": "අවුරුදු 20ය් මට.හක්කෙ දත් එනවා.දෙපැත්තෙම.. ඉවසගන්න අමාරුය්\nප්‍රතිකාරයක් නැද්ද කරන්න.දවස් ගානක්ම මේ වේදනාව නතර වෙනවා.ආපහු එනවා \nවැඩක් කරගන්නත් බැහැ ඒ තරමටම අමාරුය්"
},
{
"from": "gpt",
"value": "වේදනාවට බෙහෙත් ටිකක් බිව්වහම කැක්කුම අඩු වේවි. නමුත් නිතර නිතර කැක්කුම්... |
[
{
"from": "human",
"value": "අවුරුදු 20 ලං වෙද්දී එන දත බාගයක් එල්යට ඇවිත් දෙපැත්තේම ඒත් මාසෙකට සැරයක් වගේ දෙපැත්තේම මාරැවෙන් මරැවට ලොකු වෙිදනාවක් එනවා එක පැත්තකින් ටිකක් වැඩිය රිදෙනව මෙි දෙකම ගලවන්න වෙයිද"
},
{
"from": "gpt",
"value": "හක්කේ කෙළවරේම තියෙන ඥාන දත බාගෙට ඇවිල්ල හිර වෙලා නම් ඔහොම ග... |
[
{
"from": "human",
"value": "ඩොක්ටර් මගේ දත් මුල් රිදෙනවා ඉස්සරහ දත්වල හක්කේ දතක් පනුවෝ කාලා ඒ එක්කම අනිත් හක්කේ දත් පනුවෝ කන්න අරන් මං දතුත් මදිනවා පැණිරස කන්නෙත් නෑ දවස් 5ක් විතර වෙලේ ඉදන් දත් මුල් රිදෙනවා ඒකට මොකද කරන්න පුළුවන් අද පෙන්වන්න ගියා ගොඩාක් අය හිටපු නිසා ආවා"
},
{
"from": "gpt",
... |
[
{
"from": "human",
"value": "මගේ හක්කේ ඉඩ මදි නිසා දතක් හරහට ඇවිත්.ඒ නිසා එතන දත් දෙක අතරෙ වලක් තියේ.එතන කෑම රැදිලා දත නරක් වෙලා.ඒකට මොකද කරන්නේ.එතන කලු වෙලා."
},
{
"from": "gpt",
"value": "ඇදේට ආපු දත නිසා ගැටළු එනම් ඇදයට ආපු දත ඉවත් කරන එක තමයි සුදුසුම. හක්කේ කෙලවරේම එන ඥාන දත ද adiyata ඇවිත් ... |
[
{
"from": "human",
"value": "ඩොක්ටර් , මට දැනගන්න පුලුවන්ද බබාලගෙ මුලින්ම එන කිරි දත් අතර තියෙන හිඩැස් පසුව ස්තිර දත් එද්දි හරි යනවද??"
},
{
"from": "gpt",
"value": "කිරී දත් වල පිහිටිම එක්ක ස්ථිර දත් කොහොම එනවාද කියලා කියන්න අමාරුයි. ස්ථිර දත් වල පිහිටිමේ ගැටලුවක් ආවොත් හදන්න පුළුවන්"
}
] |
[
{
"from": "human",
"value": "ස්නායු පුරවීමෙන් පසු අඩක් පමන කැඩුණු දතකට crown එකක් දැමිය හැකිද? එය කොපමන සාර්ථකද?"
},
{
"from": "gpt",
"value": "දත කැඩිලා තියෙන විදිය අනුව වෙනස් වෙනවා. රට දෙකට මැද්දෙන් පැලිලා නැත්තං හුඟක් අවස්ථාවලදී crown එකක් දාන්න පුළුවන්"
}
] |
[
{
"from": "human",
"value": "මගේ දුවගේ දතක් ගැලෙව්වා ඉට පස්සේ අනෙත් දතක් රිදෙනවා\nමාසයක් වෙනවා අනෙක් දත ගලවලා\nඅනෙක් දතත් ගලවන්න වෙවිද\nඅ වු 17"
},
{
"from": "gpt",
"value": "හරියටම දෙයක් කියන්න පරීක්ෂා කරන්න ඕන. දැන් රිදෙන දත දිරලා තියෙන්න පුළුවන්. ලගම රෝහලට ගිහිල්ලා දන්ත වෛද්‍යවරයා හමුවෙන්න. ද... |
[
{
"from": "human",
"value": "Doctor, \nNerve filling එකක් කරා ඊයෙ උදේ. තාම දත රිදෙනවා. ඒක සාමාන්‍ය ද"
},
{
"from": "gpt",
"value": "බෙහෙත් ටික හරියට බොන්න එතකොට කැක්කුම අඩු වෙලා යාවි. දිගින් දිගටම කැක්කුම තිබ්බොත් විතරක් වෛද්‍යවරයා හමුවන්න"
}
] |
[
{
"from": "human",
"value": "දත් කෑලී තිබ්බාම ඒවා කැන්සර් වලට හේතුවෙනවද දත දෙපාරකට ගැලෙව්වා තව පැත්තෙන් දත් කෑල්ල දිවට දැනෙනවා"
},
{
"from": "gpt",
"value": "දත් කෑලි ආසාදනය වෙලා මූණ ඉදිමෙන්න පුළුවන්. විශේෂ ගෙඩි වර්ගය (Cyst ) ඇති වෙන්න පුළුවන්. දත් කෑලි ඉවත් කරගන්න"
}
] |
[
{
"from": "human",
"value": "උඩු තල්ලේ කෙලවරේම දතක් ගැලවලා සතියක් වගේ..දැන් බෙල්ල නිදි උලුක්කුවක් උනා වගේ රිදෙනවා..දත ගලවපු නිසාද"
},
{
"from": "gpt",
"value": "දත ගැලවීම හා බෙල්ලේ ගැටලු අතර සම්බන්ධතාවයක් තියෙන්න විදිහක් නැහැ"
}
] |
[
{
"from": "human",
"value": "දියවුන විදුරු මස් නැවත ලයලන්න බෙහෙත් නැද්ද"
},
{
"from": "gpt",
"value": "විදුරුමස් දිය වුණාට පස්සේ ඒක යථා තත්ත්වයට පත් කරන්න නම් විදුරුමස් බද්ධ කරන්න සිද්ධ වෙනවා. බෙහෙත් වලින් කරන්නේ විදුරුමස් දිය වෙන එක පාලනය කරන එකයි.\nමුලින්ම විදුරුමස් දියවීමට හේතුව හොයාගන්න අවශ්... |
[
{
"from": "human",
"value": "දත් ව්ල මැලියම් යවන්න හොද tooth plast එක්ක් කියන්න කෝ"
},
{
"from": "gpt",
"value": "දත් වල කහට පැල්ලම් යවන්න නම් toothpaste තියනවා. නමුත් ඒවා භාවිතා කරන එක දත් වලට හානි කරයි. එම නිසා සුදුසුම දේ දත් ටික සුද්ද කරගෙන නිවැරදි ක්‍රමයට දත් මදින එකයි"
}
] |
[
{
"from": "human",
"value": "ඩොක්ට දත් වල කලු පාට සිදුරු හැදෙනවා.ඒ දත් පිරෙවුවම ඒ දතේම වෙන පැත්තකින් සිදුරු වෙනව.මන් පැනිරස කෑම කන්නෙම නැති තරම්.දවසට දෙපාරක් අනිවරෙන්ම දත් මදින්වා(ක්ලෝගාඩ් වලින්).ඩොක්ට මොනාහරි විටමින් අඩු කමක් නිසා එහෙම වෙනවද .මෙහෙම වෙන්න් හේතුව මොකද්ද ඩොක්ට.හොදට තියන දත දවස් 5,6 බලද්දි සිද... |
[
{
"from": "human",
"value": "ඩොක්ට මට දැනගන්න පුලුවන්ද උඩු ඇන්දෙ ඉස්සරහ දත් වල තැනින් තැන දත් ගලවලා තල්ලත් එක්ක දාලා තියෙන්නෙ.මට ඒ තල්ලත් එක්ක ප්ලේට් එජ අයින් කරලා වෙන ක්‍රමයක් නැත්ද දත් ටික හදන්න,(ඇන වලින් හිටවන එකත් නැතිව) වෙන ක්‍රමයක් නැත්ද කීයක් විතර යයිද හදන්න"
},
{
"from": "gpt",
"value":... |
[
{
"from": "human",
"value": "අද මගේ දාපු දත් ඇන්ද දවල් සෝදද්දි වැට්ල ඉස්සරහම දත් දෙක කැඩුනා,දැන් මට අලුත් දත්සෙට් එකක් දාන්න වෙයිද,පරන එකම හදන්න පුලුවන්ද?"
},
{
"from": "gpt",
"value": "අලුතින් හදන්න අවශ්‍ය නැහැ පරණ එකටම දතක් අමුණ ගන්න පුළුවන්"
}
] |
[
{
"from": "human",
"value": "දත් දෙකක් මැද්දෙ කෑම හිර වෙන එකට දොස්තර හම්බුනාම එතැන තව ඈත් කරා . හිර වෙන එක තව වැඩි වෙලා ආයෙ පිරෙව්වා . දැන් දත් දෙක මැද්දෙ විදුරුමස් රිදෙනවා.කලින් වේදනාවක් නෑ "
},
{
"from": "gpt",
"value": "හරියටම වෙලා තියෙන දෙය නම් පරික්ෂා කරන්නැතුව කියන්න අපහසුයි. පිරවූ මේ කෑම ... |
[
{
"from": "human",
"value": "අනේ මට කියන්න පුලුවන්ද ඉස්සරහා දත් දෙකේ හිඩසක් පුරවපු එකක්...කැඩුනාම.....ආයේ ඒක පුරවන්න පුලුවන්ද කියලා"
},
{
"from": "gpt",
"value": "කිසිම ගැටලුවක් නෑ ආපහු පුරවල හදන්න පුළුවන්"
}
] |
[
{
"from": "human",
"value": "මගෙ හක්කෙ යටි හනුවේ කෙලවර දතක් සෑහෙන්න කාලෙක ඉදලා එනවා. ඒක අනිත් හනුවට සමාන්තර නෑ. ඒක වෙනමම එන්නේ, දතෙන් තුනෙන් එකක් ඇවිත් අනිත් ටික එන්නේ නෑ. ඊයේ ඉදලා කැක්කුමයි සෑහෙන්න, මොකක්ද කරන්න ඕන ඩොක්ටර්"
},
{
"from": "gpt",
"value": "විදුරුමහේ පැල්මක් දාලා දත ගලවලා ඉවත් කරන ... |
[
{
"from": "human",
"value": "Accident එකකින මගේ ඉස්සරහා දතක් මුලින්ම කැඩිලා ගිහින්..අනෙක් දතෙත් මැද්දෙන් ඉරක් ගිහින්..ඒකට කරන්න පුලුවන් සාර්තක පිලයම් මොනාද"
},
{
"from": "gpt",
"value": "කැඩිලා තියෙන ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වෙනවා. ගොඩක්ම කැඩිලා තියෙන ගත නම් ස්නායු පිරවුමක් කරලා ඒක උඩින් කෘ... |
[
{
"from": "human",
"value": "අනේ ඩොක්ටර් අද මගේ දතක් ගැලෙව්වා ඒක වද දීලා ඇනලා ඇනලා දත මගින් කඩල කෑල්ලක් අරගත්තේ දතේ මුල තාම විදුරු මහේ දැන් විදුරු මහා තුවාල කරලත් කැක්කුමයි මං දැන් මොකද කරන්නේ ඩොක්ටර් ඉක්මන් ප්‍ර්තිකාරයක් අවශ්‍ය යි ඩොක්ටර්"
},
{
"from": "gpt",
"value": "සමහර දත් ඉවත් කරනකොට එහෙම... |
[
{
"from": "human",
"value": "මගේ දත් සුලු වශයෙන් කහ පාටට හුරුය්. මං දිනකට දෙවරක් නිසි ලෙස දත් මදිනවා සහ මම ලගදි ඩෙන්ටල් එකෙනුත් සුද්ද කරා ඒත් වෙනසක් නැහැ. මේකට තියෙන treatments මොනාද සහ ඒවට වියදම කොහොමද?"
},
{
"from": "gpt",
"value": "සමහර අයගේ දත් කොහොමත් කහපාටයි. එතකොට bleaching කියලා ප්‍රතිකා... |
[
{
"from": "human",
"value": "Doctor මගේ දතක් ස්නායු පුරවන්න පටන් ගත්තා පලවෙනි පාර දත සුද්ද කරලා පිරවුමක් දැම්මා වේදනාවක් අවේ නැ දේවේනි පාර සුද්ද කරලා පිරෙව්වා . දැන් එ දත රෙදේනව හොදටම අල්ලන්නවත් බැ . ලබන බදාදා තමා මට ආයෙත් එන්න කිව්වේ වේදනා දැනේන එක සාමාන්‍ය තත්වය්ක්ද . මම ප්‍රෙක්නට් නිසා බේහේත් දුන්නේනැ... |
[
{
"from": "human",
"value": "මගෙ උඩු ඇන්දේ එකම තැන දත් දෙකක් නෑ... එකක් ගලවලා අනික දිරලා... දත් දෙකම සිටුවීමට පුළුවන්ද ඩොක්ටර්"
},
{
"from": "gpt",
"value": "දත් සිටවීමට කලින් හේතු කිහිපයක්ම සලකලා බලන්න ඕන. ඊට පස්සේ තමයි දත හිටවන්න පුළුවන් ද කියලා තීරණය කරන්නේ"
}
] |
[
{
"from": "human",
"value": "ඉදිරියට ආව දත් බ්‍රේසස් නොදා හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද"
},
{
"from": "gpt",
"value": "දත් අක්‍රමවත් ම පිහිටලා තියෙනවා නම් නං කම්බි දාලා හැර වෙන ක්‍රමයකින් හදන්න බැහැ"
}
] |
[
{
"from": "human",
"value": "ඩොක්ට මගෙ උඩු ඇන්දෙ දත් වල කැලි කැඩි කැඩි යනවා ඩොක්ට එකද මොකද කරන්නෙ ඔනෙ ඩොක්ට"
},
{
"from": "gpt",
"value": "මුලින්ම බලන්න ඕනේ දත් වැඩ කෑලි කැඩෙන්නේ දිරල නිසාද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ගැටලුවක් නිසාද කියලා. ඊට පස්සේ දිරලා නං දත් ටික පුරවගන්න වෙනවා"
}
] |
[
{
"from": "human",
"value": "ඩොක්ටර් මගේ උඩ හනුවේ විදුරැමහ එක්කම දත් ඉදිරියට ඇවිත් තියෙනවා.දත් වලට වඩා විදුරැමහ ඉදිරියට ඇවිත් බව පේනවා වැඩි.බෙුිසස් දැම්මොත් සාර්ථක ව විදුරැමහත් එක්කම දත් පිටුපසට යාවිද ?"
},
{
"from": "gpt",
"value": "පරීක්ෂාකර නැතුව ප්‍රතිකාරයක් ගැන හරියටම කියන්න අපහසුයි. මොකද... |
[
{
"from": "human",
"value": "Doctor මගේ අවුරුද්දකට විතර කලින් ඉස්සරහ කැඩුන දතක් ගිය මාසේ වගේ ගිහින් පුරෝගෙන ආවා..දැන් අයේ ඉයේ ඉදන් ඒ දත ගොඩක් රිදෙනවනේ..මේකට කරන්න පුලුවන් මොනාද..ස්නායු පිරවුමක් කලොත් ස්තීර විශදුමක් තියෙයිද"
},
{
"from": "gpt",
"value": "ස්නායු කුහරය ආසාදනය වෙලා වෙන්න ඕනේ.ස්නායු ... |
[
{
"from": "human",
"value": "අනේ මගේ උඩු ඇන්දේ හක්කේ කෙලවරේම දතට මෙහාපැත්තේ දෙවෙනියට තියන දත නරක් වෙලා යට ටික කෑලි කැඩිලා ගිහින් විදුරුමහෙන් උඩ ටික ඉතුරුවෙලා...ඒ කැඩිලා ගියපු දත හක්කේ කෙලවරේම ඉඳලා 1දතයි 3වෙනි දතයි අතරේ තියෙන්නේ.දත් දිරලා කැඩිලා ගියපු නිසා ඒ හිඩැස දෙපැත්තේ දත් ඇදිලා ඒවයින් වැහිලා.හක්කේ කෙලව... |
[
{
"from": "human",
"value": "මගේ තොල අවට,දීවේ එහෙම මාසෙට දෙවරක් වගේ පොඩි තුවාල හැදෙනවා..එක පාර කිහිපයක් හැදුනාම ආහාර ගනිද්දි කතා කරද්දි උනත් වේදනායි..දත් වල ගැටෙන හින්දා..මේකට විසඳුමක් තියෙනවාද..ඇයි මෙහෙම වෙන්නේ"
},
{
"from": "gpt",
"value": "සමහර අයට කාලයෙන් කාලයට මේ තත්ත්වය එනවා. විශේෂයෙන්ම ස්... |
[
{
"from": "human",
"value": "Doctor , මගේ උඩු ඇන්දේ ඉදිරිපස දත් හතර අපිළිවෙලට පිහිටා තිබෙනවා. වයස 29. මෙය පිළිවෙලට හදාගන්න braces හැර වෙනත් පහසු ක්‍රමයක් නැතිද..? ඉස්සර braces පාවිච්චි කලා. අවුරුදු කිහිපයකට පසුව එය නවතා දැමුවා. දැන් ආපසු දත් පෙර පරිදි විකෘති වෙලා. මෙය පහසුවෙන් හා ඉක්මනින් හදාගන්න විදිහක් නැ... |
[
{
"from": "human",
"value": "මගේ දතක් තියෙනවා අඩුම ගානේ එ පැත්තේන් බත් වත් කන්න බැ රිදේන ව කටුවක් ගවන්න වත් බැ රිදේනව \nමෙ දත ගලවන්නත් බැ ඉස්නැයු පුර්වන්න කියලා දිනයක් දුන්නා එත් පුර්වන්න තියා මෙ දත අලන්න වත් බැ රිදේනව මෙකට මොකද කරන්න ඔනි doctor"
},
{
"from": "gpt",
"value": "ඉක්මනින්ම ස්නායු පි... |
[
{
"from": "human",
"value": "Doctor mage කටෙ පුරාම සුදුම සුදු පාට වෙලා ....මට කට වෙනදාට වඩා අරින්න බැහැ ....මම බුලත් විට කෑවා කාලයක් දැන් නම් නවත්තලා තියෙන්නෙ ... මට සැරට කැම කන්න බෑ ...කට දනවා...මෙකට මොකක්ද කරන්නෙ"
},
{
"from": "gpt",
"value": "පුළුවන් තරම් ඉක්මනින් මහ රෝහලක මුඛ හා හනුක ශල්‍ය ව... |
[
{
"from": "human",
"value": "ඩොක්ට මගෙ හක්කෙ කෙළවරෙ දත ගැලෙව්වා දැන් දවස් 06 වඩා වැඩි දැන් කට අරින්නකොට රිදෙනවාත් එක්කම යටි ඇන්දෙ දතක් එක්ක තොල හිරිවැටෙනව"
},
{
"from": "gpt",
"value": "මුඛ හා හනුක ශල්‍ය ඒකකයකට පෙන්නන එක සුදුසුයි"
}
] |
[
{
"from": "human",
"value": "මාගේ දත් මුල් දියවිල්ලක් නෑ ඩොක්ටර් ඒත් මගේ කටින් දුගඳක් හමනවා කොච්චර බෙහෙත් ගත්තත් ඒක හොද වෙන්නේ නෑ මේක මට මනසට වදයක් \nමේ සම්බන්දව බෙහෙත් ගැනීමට යන්න ඔනේ dental doctors කෙනෙක් ලගටද එහෙමත් නැත්නම් මොනවා සම්බන්ධව doctor නෙකෙක් ලගටද කියලා දැන ගන්න පුලුවන්ද doctor"
},
{
... |
[
{
"from": "human",
"value": "දැනට දින හයකට පමන පෙර මාගේ කට ඇතුලට වෙන්න පිහිටි දතක් ගලවා ඉවත් කල අතර, ඒ අවට විදුරුමස් වේදනාව තවම අඩුවක් නොමැත...\nමේ සදහා ප්‍රතිකාරකයක් කියනවාද.... ???"
},
{
"from": "gpt",
"value": "දත ගලවපු තැන හැදෙන ලේ කැටිය ගැලවිලා වෙන්න ඇති. එකට කරන්න විශේෂ ප්‍රතිකාරයක් තියෙනව... |
[
{
"from": "human",
"value": "ඩොක්ට මගෙ යට් ඇන්දෙ හක්කෙ කෙළවරෙ දත ගැලෙව්වාට පස්සෙ දැන් කට අරිනකොට යට දතක් එක්ක තොල හිරි වැටෙනවා එ මොකද ඩොක්ට"
},
{
"from": "gpt",
"value": "ඒ කියන්නේ දත ගලවනකොට හිරිවැට්ටුවාම වගේ ද?? නැතිනම් දන්ත සංවේදී තාවය වගේ දෙයක්ද??? ගලවපු තැනටම පෙන්නන එක තමයි වඩාත්ම සුදුසු"
... |
[
{
"from": "human",
"value": "ඩොක්ට, \nPragnat වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට brace දාන්න පුළුවන් ද? \nඑක ප්‍රශ්නයක් වෙයිද? \nබොන්න දෙන වෙදනා නාශක වලින් බලපැමක් වෙන්න පුළුවන්ද?"
},
{
"from": "gpt",
"value": "ඇත්තටම නම් එහෙම බය වෙන්න කාරණයක් නෑ. Braces දාන කොට වේදනා නාශක භාවිතා කරන්න වෙන්නෙ නම... |
[
{
"from": "human",
"value": "Dr.මගේ බබා වැටිලා ඉස්සරහ දත ටිකක් කැඩුණා.tile එකේ වැදුණෙ.වයස අවුරුද්දයි මාස 4යි.doctor කෙනෙක්ට පෙන්නන්න ඕනද.ඉක්මනින් පළිතුරක් දෙන්න කරුණා කරලා"
},
{
"from": "gpt",
"value": "ඔවු. දන්ත වෛද්‍යවරයෙක් ට පෙන්නලා උපදෙසක් ලබාගන්න එක වඩාත් සුදුසුයි."
}
] |
[
{
"from": "human",
"value": "අව්රුදු 6ක බබෙක්ගේ දතක් වැටිලා එන්න කොපමණ කාලයක් ගත වෙනවද. "
},
{
"from": "gpt",
"value": "මෙය ගැලවුණේ කුමණ දතද යන්න මත රඳා පවතිනවා. ඉදිරිපස දතක් නම් අවුරුදු 6-7 කාලයේදී මතු වෙනවා. දත වැටිලා මාස 3 ක් ගතවීමෙන් පසුත් දත මතු වෙලා නැතිනම් දන්ත සායනයකට පෙන්වලා උපදෙසක් ලබ... |
[
{
"from": "human",
"value": "අනෙ මගෙ ඉස්සරහ දත් තුනක චූටි චූටි කෑලි නෑ.ගෙවිලා වගේ.අනේ මේකට කරන්න දෙයක් කියන්නකො.ගොඩක් පින්"
},
{
"from": "gpt",
"value": "රජයේ හෝ පුද්ගලික දන්ත සායනයකට පෙන්වන්න. ඒ අය බලලා කරන්න ඕනෙ දේ කියාවි. මොකද ඉස්සරහා දත් ගෙවෙන්න හේතු කීපයක් බලපානවා."
}
] |
[
{
"from": "human",
"value": "ඩොක්ටර් , මගේ නර්ල් පුරවපු දතක් කාලයක් තිස්සෙ රිදෙන්න අරගෙන ගැලෙව්වා . දැන් මාස 6 ක් විතර වෙනවා . දැන් එතන උඩ ගෙඩියක් වගේ ඇවිල්ලා සැරින් සැරේ රිදෙනව අල්ලන කොට . මම මේක කාටද පෙන්නන්න ඕන?කරුණා කර උපදෙසක් ලබාදෙන්න ."
},
{
"from": "gpt",
"value": "ඕනම දන්ත සායනයකට පෙන්නල... |
[
{
"from": "human",
"value": "ඊයෙ මගෙ දතක් පිරෙව්වා. දැන් වෙලාවකට ඒ දත කැක්කුමයි. හැමතිස්සෙම නෑ. වෙලාවකට කැක්කුම ඇවිත් ආයෙ හරි යනවා. මේක සාමාන්‍යයයිද. කරන්න දෙයක් තියනවද. වේදනා නාශක බිව්වා"
},
{
"from": "gpt",
"value": "දත් පුරවන්න භාවිතා කරන දන්‍ත බදාම වර්ග වල රසායනික ද්‍රව්‍ය නිසා තාවකාලික දන්ත... |
[
{
"from": "human",
"value": "දත් කැක්කුම හැදුනහම තවකාලිකව හරි ගෙදරදි සහනයක් ලබාගන්න බෙහෙත් මොනවද ඩොක්ටර්?"
},
{
"from": "gpt",
"value": "පැනඩීන් වගේ වේදනානාශකයක් ගන්න පුළුවන් තාවකාලිකව වේදනාව අඩු කරගන්න. වැදගත් වෙන්නේ වේදනාව එනකං ඉන්නෙ නැතුව දතක කුහරයක් මූලික අවදියේ ම ප්‍රතිකාර කරගන්න එක. ඒ වගේම... |
[
{
"from": "human",
"value": "මගෙ බාබාට වයස අවුරුදු 1 1/2 යි.මම රැකියාවක් කරන කෙනෙක් .ඊයේ බබා සෙල්ලම් කරද්දී වැටිලා ඉස්සරහ දතෙන් කොටසක් කැඩිලා. ඒක හදන්න පුලුවන්ද?"
},
{
"from": "gpt",
"value": "ඉක්මනින්ම දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා පෙන්වන්න. සම හරක් කළ ආවට ප්‍රතිකාර කරන්න අවශ්‍ය කරන්න තත්ත්වයක් නොව... |
[
{
"from": "human",
"value": "ඩොක්ට මගෙ යටි ඇන්දෙ දතක් ගලවන්න කිව්වා ඩොක්ට එක මගෙ ඇසයි අස්ථි වලට සම්බන්ධයි කිව්වා ඩොක්ට එක ගැලැව්වොත් අමරු වෙයිද ඩොක්ට එ දත ගලවන්න ශල්‍යකර්මයක් කරන්න වෙයිද ඩොක්ට"
},
{
"from": "gpt",
"value": "දත් ගැලවීමෙන් ඇස් වලට නං කිසිම බලපෑමක් එන්නේ නැහැ. ඒක සමාජය පවතින මිථ්... |
[
{
"from": "human",
"value": "උඩුතල්ලේ පිටුපසම දතක් දිරාපත්ව තිබී ඉබේම දත කැඩිලා ගියා.ඒත් දතේ විදුරුමස ඇතුලත කුඩා කැබලි ඉතිරිව තිබෙනවා .ඒවා ඒ විදියටම තිබුනොත් ප්‍රශ්නයක් වෙනවාද?"
},
{
"from": "gpt",
"value": "දැන් කෑලි කටේ තියාගෙන එපා. ඉදිමිලා සැර වෙන්න බලනවා. ඒ වගේම කැක්කුම් දෙන්නත් බලනවා. ගලවලා... |
[
{
"from": "human",
"value": "වීදුරුමස් දිය වෙනවා උදේට කටේ කෙල වල ලේ තියෙනවා ඒ වගේම කටෙන් දුගදත් තියෙනවා කියලා මට දැනෙනවා අනේ මෙකට පිලියමක් කියන්නකෝ"
},
{
"from": "gpt",
"value": "විදුරුමස් රෝග වලට හේතු හොයලා පිළියම් කරන්න ඕනේ.\nවිදුරුමස් රෝග වලට ප්‍රධානම හේතුව මැලියම් බැඳිලා තියෙන එක. එහෙමනම් ම... |
[
{
"from": "human",
"value": "Dear Doctor,\nදත් ශක්තිමත් කරන්න ආහාර වලට අමතරව ගන්න පුලුවන් vitamin එකක් කියන්නකෝ පුලුවන් නම්."
},
{
"from": "gpt",
"value": "දත් ආවට පස්සෙ එහෙම ශක්තිමත් කරන්න විටමින් වර්ග මොකුත් නැහැ.එකම දේ ෆ්ලෝරයිඩ් තියෙන tooth paste එකෙන් දත් මැදලා පරිස්සම් කරගන්න එක විතරයි"
}... |
[
{
"from": "human",
"value": "Dr. මගෙ දන්ත අස්ථි දියවීමකට ලක් වෙමින් තියෙනවා කියලා දන්ත සායනයෙන් කිව්වා.ප්‍රතිකාර සදහා පැමිනෙන ලෙස දිනයන්ද ලබා දුන්නා.දැන් හක්කෙ දතක් අධික වේදනාවක් දෙනවා.මෙම රෝගි තත්ත්වය සුව කර ගැනීමට හැකිද ?"
},
{
"from": "gpt",
"value": "සුව කරන්න බැහැ පාලනය කරන්න විතරයි පුළුවන්... |
[
{
"from": "human",
"value": "දත් ස්නායු පිරෙව්වම ඉක්මනට කැඩෙනවා කියනවනෙ. ඒකට දතට පෝසිලේන් වලින් හදපු කප් එකක් වගෙ එකක් දානවද"
},
{
"from": "gpt",
"value": "Ow එකට කියන්නේ crown එකක් කියලා. දතක් ආරක්ෂාවට දාන්නේ"
}
] |
[
{
"from": "human",
"value": "මල් ප්ලේට් එකක් කොච්චර කල් දාගෙන ඉන්න ඕනීද"
},
{
"from": "gpt",
"value": "අවම වශයෙන් අවුරුදු 1.5 වත් ඉන්න වෙනවා"
}
] |
[
{
"from": "human",
"value": "මගෙ උඩ හක්කෙ දත්වල කෑම හිරවෙනව හරියට..මම පුංචි කන්නාඩියකකින් බැලුව කලුවෙලා එහම නම් නැ තවම..මම උදේ රෑ අනිවාර්යයෙන් දත් මදිනව.පැනි රස නම් කනව ඉතින්..රෑ නිදාහන්නකොට ලුනුවතුරෙන් කටත් හෝදල නිදාගන්නෙ.එහෙම වෙලත් දත් දිරන්න පුලුවන්ද නැත්තන් හ්මෝගෙම මෙහෙම කෑන හිරවෙනවද..නෝමල් වෙන්න පුලුවන... |
[
{
"from": "human",
"value": "Doctor දත් වලට ප්ලේට් එකක් දාද්දි වයස් සීමාවක් තියෙනවාද?"
},
{
"from": "gpt",
"value": "එහෙම නැහැ. නමුත් රෝහල් වල තියෙන පහසුකම් වල අඩුකම නිසා වයස් සීමාවක් තියෙනවා ප්‍රතිකාර වලට බාර ගන්න"
}
] |
[
{
"from": "human",
"value": "කටේ උශ්ණ බිබිලි හොඳ වෙන්න ගාන ක්‍රිම් එකක් කියන්නකෝ.ඩොක්ටර් .කතා කරන්නවත් බැ රිදෙනවා."
},
{
"from": "gpt",
"value": "රෝගියා පරික්ෂා කරල බලන්න ඇතුව බෙහෙත් තියෙන එක කරන්න සුදුසු දෙයක් නෙමේ. උෂ්ණ බිබිලක් නැත්තම් වෙන රෝගී තත්ත්වයක්ද තීරණය කරන්න ඕනේ වෛද්‍යවරයෙක් පරික්ෂා ... |
[
{
"from": "human",
"value": "DOCTOR දත්වලට කම්බි දානකොට දත් ගලවපුවම හකු බහිනවද"
},
{
"from": "gpt",
"value": "එහෙම වෙන්නේ නැහැ. දත් ගලවන්නේ ප්‍රතිකාරයට අවශ්‍ය කරන ඉඩ ගන්න. ප්‍රතිකාරය ඉවර වුණාට පස්සේ දත් ගලවපු තැන් වල හිඩැස වැහෙනවා"
}
] |
[
{
"from": "human",
"value": "හක්කේ දතක් රිදෙනවා. බෙහෙත් ගන්න ගියාම දත් හොදයි කියලා කිව්වා. බෙහෙත් දුන්නත් අඩු නෑ. සැරින් සැරෙ කැක්කුම එනවා. මොන දතද කියලත් හිතාගන්න අමාරුයි. උඩු ඇන්දම රිදෙනවා මෙකට මොකක්ද කරන්න පුලුවන් ඩොක්ටර්"
},
{
"from": "gpt",
"value": "X ray එකක් අරගෙන බලන්න පුළුවන් ගැටලුව මො... |
[
{
"from": "human",
"value": "ඩොක්ට, මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා පිළිතුරු බලාපොරොත්තු වෙනවා\n1. මගේ උඩු ඇන්දේ ඥාන දත් දෙක ලොකුවට ඇවිත් තියනවා.( අනිත් දත් වලට සාපේක්ෂව ) එත් බාගෙට තව එන්නත් තියනවා දෙපැත්තේම දත් දෙක උල් වගේ තියන්නේ එ් නිසා කම්බුල් තුවාල වෙනවා දත වැදිලා වැදිලා කළු වෙලා, \n2. දත් වල පිහිට්ම නි... |
[
{
"from": "human",
"value": "Dr මගේ බෙල්ලෙ දෙපැත්තේ පිටිපස්සෙ පොඩි ගෙඩි දෙකක් වගෙ අහුවෙනවා. වේදනාවක් නෑ. හක්කේ දතක් අලුතින් එද්දි සහ දත් නරක් වෙලා තියෙද්දි එහෙම එනවද."
},
{
"from": "gpt",
"value": "හරියටම නම් කියන්න පරික්ෂා කරලා බලන්න වෙනවා. නමුත් හක්කේ කෙළවරේම ඥාන දත බාගෙට ඇවිල්ල හිර වෙලා තියෙන... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.